කෙසෙල් කනවා නම් දොස්තර මොකටද?
අපි නොයෙක් වර්ගයේ කෙසෙල් කනවනෙ. ඒත් ගොඩක් අය මේ කෙසෙල්වල තියෙන ගුණ ගැන හරියටම දන්නේ නෑ නේද.
අපි කන කෙසෙල් අපේ සෞඛ්‍යයට කරන සුපිරි බලපෑම ඔබ දන්නවා නම් ඔයාල දවස ගානෙ කෙසෙල් කනවා සත්තයි.
කෙසෙල් හොදටම ඉදවීමට දීලා ආහාරයට ගත්තොත් තමයි මේ විස්මිත ගුණ රැසක් අත් කරගන්න පුළුවන් වෙන්නෙ.
කලූ ලප සහිත වැඩිපුර ඉදුණු කෙසෙල් වල තමයි ඔබේ සෞඛ්‍ය හැංගිලා තියෙන්නෙ. ඒ උනාට කලූ ලප සහිත කෙසෙල් දැක්කම අපිට වැඩි සතුටක් දැනෙන්නෙ නෑ නේද? ඒ්ත් අදම ඒ අදහස වෙනස් කරලා හොදටම ඉදුණු කෙසෙල්ම ආහාරයට ගන්න.
විවිධ රටවල පර්යේෂකයන් කරපු අධ්‍යයනයන්ට අනුව, ගෙඩියක් හොඳින් ඉදෙන විට TNF (Tumor Necrosis Factor) නම් ප්‍රබල සංයෝගයක් නිපද වෙනවලූ. ඒ සංයෝගය මඟින් ශරීරයේ ඇති අසාමාන්‍ය ෙසෙල හඳුනාගෙන ඒවා විනාශ කිරීමට සහාය වෙනවා. පිළිකා ෙසෙල වර්ධනය වීම වැළැක්වීමේ විශේෂ හැකියාවත් මේ TNF සංයෝගය සතු වෙනවාලූ. කෙසෙල්වල ඇති මේ විස්මිත ගුණය නිසා සුදු රුධිරාණු සක්‍රීය කර රෝගවලට එරෙහිව සටන් කිරීමේ ශක්තිය ලබා දෙනවා.
ඊට අමතරව වැඩිපුර ඉදුණු කෙසෙල්වල ඇති පිෂ්ඨය සීනි බවට හැරිලා ඉතා ඉක්මනින් ශක්තිය ලබා දෙන අතර ආහාර ජීර්ණය වීමටද ඉතා පහසු කරන ද බව වාර්තා වෙනවා. ඔබ දියවැඩියා රෝගියෙක් නම්, ඉදුණු කෙසෙල්වල සීනි වැඩි නිසා වෛද්‍ය උපදෙස් ගැනීම වඩාත් සුදුසුයි.
