කූඩුවෙ ඉන්න පෙම්වතාට මත් කිරි තේ දෙන්න ගිය පෙම්වතී අල්ලයි
සිර මැදිරියේ රඳවා සිටි 24 හැවිරිදි තරුණයෙකුට මත්ද්‍රව‍්‍ය මුසුකර කිරිතේ ලබාදීමට උත්සාහ කළ 22 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය අනාවරණය කරයි.
අදාළ තරුණිය විසින් රැගෙන එන ලද සැන්විචය තුළ සූක්‍ෂම ලෙස බහාතිබූ මත් කරලක්ද සොයාගත් බව පොලිසිය පවසයි.
පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන තෙක් පොලිස් සිරිමැදියේ රඳවා සිටියදී ඔහුගේ පෙම්වතිය බව කියන සැකකාරිය ඊයේ (22) දහවල් එම තරුණයා බැලීම සඳහා පැමිණ තිබූ බව පොලිසිය කියයි.
තරුණයා සමග මඳ වේලා කතාබස් කරමින් සිට පොලිස් නිලධාරීන්ගේ අවසරය පරිදි තේ එකක් රැගෙන පිටව ගොස් මඳ වේලාවකදී කුඩා ඉටි බෑගයකින් බටයක් සහිත කිරිතේ එකක්ද , සැන්විච් ද රැගෙන පොලිසියට පැමිණීමේදී ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකාරිය රැගෙන ලද කිරිතේ සහ සැන්විච් පරික්ෂා කිරීමේදී මත්ද්‍රව‍්‍ය අඩංගු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
