කුලී ගැබිනියන් 13 ක් සිරගෙට

කුලී ගැබිනියන් 13 ක් සිරගෙට

කාම්බෝජයේ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පිලිපීන කාන්තාවන් 13 දෙනෙකුව සිරගත කර ඇති බව බීබීසී පුවත් සේවය පවසනවා.

ඒ ඔවුන් කුලී ගැබිනියන් ලෙස සිටිමින් තම දරුවන් ඉපදුනු පසු විකිණීමට අදහස් කළ බවට වරදකරුවන් කරමින්.

මෙම කාන්තාවන් බිලිඳුන් ලැබීමට අදහස් කර ඇත්තේ මුදල් වෙනුවට තුන්වන පාර්ශ්වයකට ඔවුන්ව විකිණීමට යැයි ප්‍රබල සාක්ෂි තමන් සතුව ඇති බවත්, එය මිනිස් ජාවාරමක් බවත්, තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කාම්බෝජයේ කන්දල් පළාත් අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම කාන්තාවන්ට වසර හතරක සිර දඬුවමක් නියම කර ඇති අධිකරණය එය වසර දෙකකට අත්හිටුවා ඇති බවත් සඳහන්.

කෙසේ වෙතත් මෙම කාන්තාවන්ව දරු ප්‍රසූතිය තෙක් සිරගත කිරීමට බලාපොරොත්තු නොවන අතර, දරුවන් ඉපදුණු පසු ඔවුන්ට කුමක් කරන්නේදැයි අධිකරණය ප්‍රකාශ කර නැහැ.

 

Share This