කැළණි සරසවි සිසුවා මුහුදේ සැගවෙයි

බුත්තල, යුධගනාව ප්‍රදේශයේ පදිංචිව සිටී රුවන් යාපා නමැති කැළණිය විශ්ව විද්‍යාලයේ වානිජ අංශයේ 3 වන වසරේ සිසුවකු මුහුදේ ගිලී අතුරුදන්ව ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .

අතුරුදන් විශ්ව විද්‍යාල සිසුවා ඥාති පවුලක සාමාජිකයන් පස් දෙනකු සමග අද පානදුර මුහුදු වෙරළට පැමිණ ඥාති සොහොයුරකු සමග පානදුර මුහුදේ විනෝදයට දියනාමින් සිට ඇති බවත් , ඔහු එක්වරම රළ පහරට හසුව නොපෙනී ගොස් ඇති බවත් සදහන්වේ.

අතුරුදන් විශ්ව විද්‍යාල සිසුවා සොයා පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිළධාරීන් පානදුර මුහුදේ නිරීක්ෂණය කර ඇතත් රාත්‍රි වනවිටත් හමුවී නොමැත .

Share This