කැලිෆෝනියාවට ඉරානයෙන් ප්‍රහාරයක්! FBI සංවිධානය කලින්ම කියලා

ඉරානයට එරෙහිව ඇමරිකාව සිදුකරන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරාන විප්ලවීය හමුදාව ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පවතින බව Federal Bureau of Investigation (FBI) අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
එම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ FBI වෙත ලැබුණු බුද්ධි තොරතුරු මත බව සඳහන් වේ.
එම තොරතුරු අනුව, ඉරානයට අයත් යුද නෞකාවක සිට California ප්‍රාන්තය ඉලක්ක කරමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවක් පවතින බවද FBI පවසයි.
කෙසේ වෙතත්, එවැනි ප්‍රහාරයක් සිදුවන නිශ්චිත කාලය හෝ ඉලක්ක පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බවද වාර්තා වෙයි.
