කැලණි ගඟ අවට ප්‍රදේශවලට පනවා තිබූ ගංවතුර අනතුරු ඇඟවීම ඉවත් කරයි: ජල මට්ටම් ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධානයෙන්

කැලණි ගඟ අවට ප්‍රදේශවලට පනවා තිබූ ගංවතුර අනතුරු ඇඟවීම ඉවත් කරයි: ජල මට්ටම් ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධානයෙන්

කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට නිකුත් කර තිබූ ගං වතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කර තිබෙනවා.

ඒ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිධයා හා ආපදා කළමනාකරණ අංශය විසින්.

සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සුළු ගං වතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි, ඔවුන් පසුගිය 27 වැනිදා නිවේදනය කළේ.

රට තුළ පවතින වැසි තත්ත්වය අඩුවීමත් සමඟ මෙම අනතුරු ඇඟවීම ඉවත් කර තිබෙනවා.

කෙසේවෙතත් දිවයින පුරා වර්ෂාපතතන තත්ත්වයේ සිදුවන වෙනස්කම් සම්බන්දයෙන් සහ ගංඟාවල ජලමට්ටම්වල සිදු වෙනස්කම් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් අවධානයෙන් පසුවනවා.

ගංවතුර තත්ත්වයක් ඇතිවන්නේ නම් ඒ සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීම් සිදුකිරීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බවයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Share This