කැලණිය සරසවියෙන් විජය කටුපොත මහා විදුහලට මාධ්‍ය ඒකකයක්

කැලණිය සරසවියෙන් විජය කටුපොත  මහා විදුහලට මාධ්‍ය ඒකකයක්

කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ විශේෂවේදි (ගෞරව) දෙවන වසර සිසුන් විසින් සංවිධානය කරනු ලබන සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙස, පුත්තලම විජය කටුපොත විජය මහා විද්‍යාලයේ ”අංග සම්පූර්ණ නව මාධ්‍ය ඒකකය” එළඹෙන 09 වන දින විවෘත කිරීමට නියමිතය.
ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිනීෂා ලියනගේ මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන සම්පත් සෝමරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. හලාවත අධ්‍යාපන කලාපයට අයත් මෙම පාසල වෙත නවීන මාධ්‍ය පහසුකම් ලබාදීම සහ සිසුන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම අංශයේ ප්‍රධාන අරමුණයි
(කේ.ජී. සදුනි නිමේෂා)

Share This