කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළට
මධ්‍යම කදුකරයේ මේ දිනවල පවතින අධික වියළිකාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බැසීමත් සමග ජලාශයේ නටඹුන් යලි මතුවෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා.
ඊයේ (26) සවස 6:00 වන විට මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 40 අගල් 9 කින් සහ කාසල්රි ජලාශය පිටාර මට්ටමේ සිට අඩි -39 අගල් 4 කින් පහල බැස ඇත.
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලින් ලබාගන්නා ජලයෙන් විමලසුරෙන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සිදු කරනු ලබයි.
තවදුරටත් වියලි කාලගුණය පැවතුනහොත් ජල විදුලි උත්පාදනයට බාධා විය හැකි බවයි එම ජලාශභාර ඉංජිනේරුවන් කියා සිටියි.
