කළුතර මාරක අනතුරු 89 කින් 93ක් මිය ගිහින්

කළුතර මාරක අනතුරු 89 කින් 93ක් මිය ගිහින්

(කළුතර එස්.එස්.තන්ත්‍රිආරච්චි)
කළුතර පොලිස් අධිකාරි කොට්ඨාශය තුළ 2025 වසරේ සිදුවූ මාරක රිය අනතුරු 89 කින් පුද්ගලයින් 93 දෙනෙකු මිය ගිය බව කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිනී වීරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
ඒ මහත්මිය එසේ ප්‍රකාශ කළේ කළුතර දිස්ත්‍රික් ලේකම් කා©ාලයීය ශ්‍රවණාගාරයේ පැවැති කළුතර වෙළඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමයේ රැස්වීමක් අමතා කතා කරමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය මෙසේද කීවාය.
මාරක රිය අනතුරුවලට අමතරව බරපතළ අනතුරු 215 ක්ද , සුළු තුවාල අනතුරු 278 ක් හා අලාභ අනතුරු 73 ක්ද පසුගිය වසරේ සිදුව ඇතැයිද ඒ මහත්මිය සඳහන් කළාය .
කළුතර පොලිස් අධිකාරි කොට්ඨාශය තුල අපරාධ 1356 ක් පසුගිය වසරේ වාර්තාවූ අතර ඒ අතරට ශරීරය පිළිබඳ අපරාධ 158 ක් , දේපොළ ,ගෙවල් බිඳුම් හා සොරකම් 605 ක්, අනෙකුත් දේපොළ අපරාධ 266 ක් , ගොදුරු විරහිත අපරාධ 327 ක් ඇතුලත් බවද ඇය සඳහන් කළාය.
අපරාධවලට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව කී නියෝජ්‍ය පොලිස්පතිනිය එම කටයුතු වඩාත් කා©ක්ෂමව කර ගැනීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරුනට තම ජංගම දුරකථනයෙන් නිරීක්ෂණය කළ හැකි වන පරිදි කළුතර නගරය ආවරණය වනසේ ආරක්ෂිත කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට සහය වන ලෙසද ඉල්ලා සිටියාය.
ඒ අනුව උතුරු කළුතර නාගස් හංදියේත් , කළුතර නගරයේ ඔරලෝසු කණුවේත්, නාගොඩ හංදියේත් මෙම ආරක්ෂිත කැමරා පද්ධති සවි කිරීම සඳහා දායකත්වය ලබා දීමට කළුතර වෙළඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමයේ සාමාජිකයින් කැමැත්ත පළ කරන ලදී.

Share This