කළුතරත් වෙඩි පත්තු වෙයි කිසිවෙකුටත් හානියක් නැහැ

(කළුතර – එස්.එස්.තන්ත්‍රිආරච්චි)
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු කළුතර පලාතොට ප්‍රදේශයේ නිවසකට වෙඩි තබා පලා ගොස් ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි.
11දා සවස 6.15 ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.
කළුතර, පලාතොට ,ගඟබඩ පාරේ පිහිටි ශ්‍රියන්ත ගරාජයේ හිමිකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට පොලිසිය සැක කරයි.
එම ගරාජයේ හිමිකරු වන තෙන්නකුට්ටිගේ ශ්‍රියන්ත අනුරාධ (අවු.32) යන අය විසින් පොලිසියට කර ඇති පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
ගරාජයේ සේවකයන් සිව්දෙනකු සේවය කරන අතර පසු පැදිකරු යතුරු පැදියෙන් බැස විත් එක් සේවකයෙකුගේ හිසට පිස්තෝලය තබා “උඹද ශ්‍රියන්ත ?” යැයි අසා වෙඩි තබා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා දෙදෙනාම කළුතර නගරය දෙසට පලා ගොස් ඇති බවත් යතුරුපැදිය හරවාගෙන විත් ගොඩනැගිල්ලේ වහලයට වෙඩි තබා පලා ගොස් ඇති බවත් පොලිසිය කියයි.
කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.