කලින්ම ගෙදර යන්න වුණු කැන්ගරුවන්ට පොන්ටිං දෙහි කපයි

T20 ලෝක කුසලානයේ තරග තුනකට සහභාගී වී ඉන් තරගයක් පමණක් ජයග්‍රහණය කර ඇති ඕසටේ්‍රලියාව, තරගාවලියේ සුපිරි 8 වටයට පිවිසීමේ අවස්ථාව මේ වන විටත් අහිමි වී ඇත.
”‍මේක හරිම දුර්වල තරගාවලියක්, ආරම්භයේදීම ඔවුන්ට ආබාධ ගැටලු‍ කිහිපයක් එක්ක. හේසල්වුඩ් සහ කමින්ස් කණ්ඩායමේ නෑ. ටිම් ඩේවිඩ්ටත් ආරම්භයේදීම ක්‍රීඩා කරන්න බැරි වුණා. නමුත් මම හිතන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට ඒ විදියට පරාජය වීම නිසයි මෙහෙම වුණේ. ඔවුන් ආපහු හැරිලා බලද්දී හිතයි, ‘අපේ ලෝක කුසලානය නැති වුණේ එතැනින් කියලා.”‍ මට හිතුණා ශ්‍රී ලංකාව තමන්ගේ රටේදී පරද්දන්න අමාරු වෙයි කියලා. ඒක පුදුමාකාර ලකුණු හඹායාමක්. එවැනි ලකුණු සංඛ්‍යාවක් හඹා ගිහිල්ලා දිනන එක ලේසි දෙයක් නෙමෙයි.
නමුත් සිම්බාබ්වේ වැනි කණ්ඩායමක් හමුවේ ICC තරගාවලියකදී ඕසටේ්‍රලියාව පරාජය වීම ගැන හිතද්දී, මේ වගේ තරගාවලියකදී එවැනි අවස්ථාවන් අතහරින්න බැහැ. මේ ඕසටේ්‍රලියානු කණ්ඩායමේ, අනිත් ඕසටේ්‍රලියානු කණ්ඩායම් ෂක්‍ක්‍ තරගාවලි වලට යද්දී තිබුණු ඒ ගැම්ම පේන්න නැහැ,”‍
නැවතත් කියන්නේ, දිනන්න ඕනේ පොඩි පොඩි අවස්ථා ඕසටේ්‍රලියාවට දිනාගන්න බැරි වුණා. අපිට ඕනේ අපේ කණ්ඩායම දිනනවා දකින්නයි. අවාසනාවකට පහුගිය සති කිහිපයේ ඒක වුණේ නැහැ.

Share This