කලා කෙත සරු කළ ග්‍රන්ථ කර්තා සෝමා ජයකොඩි සමුගනී

ප්‍රවීණ ග්‍රන්ථ කතුවරියක වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට 76 වැනි වියේ පසු වූ ඇය කලක් රෝගාතුරව සිට ඇති අතර පානදුර රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් තිබේ.
කැන්ගරුවෝ, කඳුළු බැද්ද, අප්පච්චි, කර්නල්ගේ බිරින්දෑවරු, බලවත්තු සහ බවලත්තු, ලාදලු බෝපත් ආදී ග්‍රන්ථ ඇය ලියූ පොත් අතර කිහිපයකි.
නවකතාවලට අමතරව ළමා අධ්‍යාපන ග්‍රන්ථ, ළමා කවි, යොවුන් කතා, ඉතිහාස කතා, බෞද්ධ කතා, චරිත කතා මෙන්ම ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදනය ආදිය හරහා හෙළ කත කෙතට මහත් සේවයක් ඇය ඉටුකර ඇත.
දේහය බණ්ඩාරගම, මැදගම ගඟ පාරේ පිහිටි ‘සෝමා’ ජයකොඩි ආදර්ශ පුස්තකාල මධ්‍යස්ථානයේ තැන්පත් කර ඇති අතර ලබන 29 වැනිදා අඳුන්වත්ත ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදුකෙරේ.
