කලා ඔය පහත් බිම් ප්‍රදේශවලට තවදුරටත් ගං වතුර තත්ත්වයක්: දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසට ඉල්ලීමක්

කලා ඔය පහත් බිම් ප්‍රදේශවලට තවදුරටත් ගං වතුර තත්ත්වයක්: දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසට ඉල්ලීමක්

කලා ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට නිකුත් කර තිබූ ගං වතුර අවදානම තවත් පැය 24ක් සඳහා දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නොච්චියාගම, රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එය බලාත්මකයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනක් නිකුත් කරමින් ඔවුන් ඉල්ලා සිටියේ, මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසයි.

Share This