කල් දැමූ උපෙළ විභාගය ජනවාරි 12සිට 20 දක්වා

(විනීතා එම්. ගමගෙ)
අයහපත් කාලගුණය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන්වලට අදාළ විභාග ලබන වසරේ ජනවාරි මස 12 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ කියා සිටියේ පළමුවර නිකුත් කළ කාලසටහනේ අනුපිළිවෙළ අනුව නව විභාග කාලසටහන සකස් කර ඇති බවය.
දිවයිනට ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නොවැම්බර් 27 දින විභාගය නවත්වන විට තවත් දින හතක් විභාගය පැවැත්වීමට නියමිතව තිබිණි. එකී දින හත ජනවාරි 12 සිට 20 දක්වා පැවැත්වෙන බවත් එහි දී දිනය වෙනස් වුව ද පෙර තිබූ කාලසටහනේ අනුපිළිවෙලට හා එහි ඇති වෙලාවල්වලටම 12, 13, 14, 16 ,17 19 සහ 20 යන දිනවල දී විභාගය පැවත්වෙනු ඇත.
ආපදාවට ලක්වූ ප්‍රදේශවල පදිංචිව සිටි විභාග අපේක්ෂකයින්ට මෙතෙක් විභාගයට පෙනී සිටි විභාග මධ්‍යස්ථානයේදීම විභාගයේ ඉතිරි කොටසට පෙනී සිටීමට නොහැකි නම් එවැනි සිසුන්ට පහසුකම් සලස්වන බව ද විභාග කොමසාරිස්වරිය කීවාය. විදුහල්පති මගින් ඒ සඳහා ඉල්ලීම් කළ කරන ලෙසත් පෞද්ගලික අයදුම්කරුවන් ඒ සඳහා ක්ෂණික ඇමතුම් අංකය වන 1911 හෝ දෙපාර්තමේන්තුවේ පොදු අංක අමතන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.
එසේම ඇති වූ ආපදා තත්වය හේතුවෙන් විභාග ප්‍රවේශපත්‍රය අස්ථානගත වී ඇති විභාග අපේක්ෂකයන්හට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ප්‍රවේශපත්‍රය බාගත කර ගත හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය ප්‍රකාශ කළාය.
