කල් ඉකුත් වූ කරවල සහ රටඉඳි මෙට්‍රික් ටොන් 4.5ක් විනාශ කර දමයි

කල් ඉකුත් වූ කරවල සහ රටඉඳි මෙට්‍රික් ටොන් 4.5ක් විනාශ කර දමයි

-ප්‍රේමකුමාර සිංහආරචචි-
වත්තල හා හැඳල ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන තුනකින් අත්අඩංගුවට ගනු ලැබූ කල් ඉකුත් වූ කරවල සහ රටඉඳි මෙට්‍රික් ටොන් 4.5කට අධික ප්‍රමාණයක් විනාශ කර දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් පසුව මෙම කල් ඉකුත් වූ තොග විනාශ කළ බව එම අධිකාරිය සඳහන් කරයි. මෙසේ විනාශ කර ඇත්තේ කල් ඉකුත් වූ රටඉඳි- මෙට්‍රික් ටොන් 3.6, හාල්මැස්සන් – මෙට්‍රික් ටොන් 1, කරවල – කිලෝග්‍රෑම් 300යකි.

Share This