කර්මාන්තකරුවන්ට ඉන්ධන ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක්
කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එහි කළමණාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, තොග ගැනුම්කරුවන්ගේ ඇනවුම්වලට අදාළව අවශ්‍ය තෙල් නිකුත් කිරීමට කටයුතු කරන බවය.
සෙසු කර්මාන්තකරුවන් සඳහා ද දෛනික අවශ්‍යතාවය මත ඉන්ධන ලබා දීමට කටයුතු කරන බව සදහන් කළ ඔහු වැඩි දුරටත් පවසා සිටියේ කර්මාන්තවලට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්ධන ලබා ගැනිමෙන් වළකින මෙන් ඉල්ලා සිටින බවයි.
