කමේනි මිය ගොස් ඇති බව ට්‍රම්ප් පවසයි
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ “ඉතිහාසයේ වඩාත් ම නපුරු මිනිසුන්ගෙන් කෙනෙකු වුණු කමේනි මිය ගොස් ඇති බවයි. වැඩිදුරටත් එම සටහනේ සිය අදහස් දක්වමින් “මෙය ඉරානයේ ජනතාවට පමණක් නොව, සියලුම ශ්‍රේෂ්ඨ ඇමරිකානුවන්ට වූ යුක්තිය,” බව ඔහු පවසනවා. “මෙය ඉරාන ජනතාවට තම රට ආපසු ලබා ගැනීමට ඇති එක ම විශාලතම අවස්ථාව” බව ද ඔහු සිය ඔහුගේ දීර්ඝ සටහනේ දක්වා තිබෙනවා.
