Update : පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ
ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ විවාදය හෙට අනිද්දා
පාර්ලිමේන්තු සභාවාරය අද (03) පෙරවරු 09.30ට ඇරඹුණා.
ඒ කථානායක අශෝක රංවල මහතාගේ ප්රධානත්වයෙන්.
—————————————————————————————————————————
කථානායකගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද රැස්වෙයි
දස වෙනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම කථානායක අශෝක රංවල මහතාගේ ප්රධානත්වයෙන් අද (03) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ විවාදය අද (03) සහ හෙට (04) යන දෙදින පැවැත්වීමට නියමිතයි.
එහි ඡන්ද විමසීම හෙට (04) පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළා.
2025 වසරේ පළමු මාස හතර සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනාව ද අනිද්දා (05) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඊට අදාළ විවාදය දෙසැම්බර් 05 සහ 06 යන දෙදින පැවැත්වීමට නියමිතයි.
මේ අතර පාර්ලිමේන්තුව අද (03) සිට ලබන 06 වැනිදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.