කතරගම වැඩබලන බස්නායක නිලමේ වැඩ භාර ගනී

කතරගම වැඩබලන බස්නායක නිලමේ වැඩ භාර ගනී

(ළහිරු ගුණතිලක මොනරාගල )
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ තැන්පත් ආරච්චිගේ තිළිණ මධුශංක අබේරත්න මහතා 23 වැනිදා සිය ධුරයේ වැඩ භාර ගනු ලැබීය.
ප්‍රථමයෙන් කිරි වෙහෙර සෑ රජුන් වැඳ පුදා ගත් ඒ මහතා රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා වැඩභාර ගැනීමේ සමාරම්භක අවස්ථාවට සහභාගි විය.
අනතුරුව මහසෙන් දෙවියන් උදෙසා සළුපිළි පළදවා විශේෂ පූජාවක්ද පවත්වා පසුව අෂ්ඨඵල රුහ බෝධීන් වහන්සේ වැඳ නමස්කාර කර ආශිර්වාද ලබා රුහුණු මහා කතරගම දේවාලයට පැමිණ දේවාශිර්වාදයද ලබා ගත්තේය.
මෙම අවස්ථාවට කිරිවෙහෙර රජ මහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, හිටපු බස් නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාද සහභාගි විය.

Share This