කතරගම දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයෙක්

(මොනරාගල – ළහිරු ගුණතිලක)
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ නිල කාලය 21 වැනිදා අවසන්ය විය.
එම ධූරයේ වැඩ බැලීම සඳහා දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කරන ආරච්චිගේ තිළිණ මධුශංක අබේරත්න මහතා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් 22 වැනිදා පත් කර ඇත.