කටාන පොලිසියේ හිටපු ලොක්කාට එරෙහි නඩුවේ තීන්දුව මාර්තු 24දා

කටාන පොලිසියේ හිටපු ලොක්කාට එරෙහි නඩුවේ තීන්දුව මාර්තු 24දා

(අකිලා නදීෂානි බණ්ඩාර)
කටාන පොලිසියේ 2017 වර්ෂයේදී ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පොලිස් කොස්තාපල්වරයකුට හා සැරයන්වරයකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් තේමිය සේනාරත්නට එරෙහිව පවරා ඇති නඩුවේ අවසන් තීන්දුව ලබන මාර්තු 24 වැනිදා නිකුත් කරන බව මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රඛිත අබේසිංහ නියෝග කරයි.
ඊයේ (27දා) එම නඩුවේ තීන්දුව ප්‍රකාශ පත් කිරීමට නියමිතව තිබුනත් තීන්දුව සුදානම් නොමැති බැවින් ලබන මාර්තු 24 වැනිදා එය නිකුත් කරන බව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෂානක රණසිංහ කරුණු දැක්විය.
2017 වර්ෂයේදී තමන් යටතේ සිටි නිලධාරීන් දෙදෙනකුට පහර දීමක් සම්බන්ධයෙන් එම නිලධාරීන් විසින් නඩු පැවරු අතර නීතිපතිවරයාගේ උපදෙස් අනුව සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
වසර නවයක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ලබන මාර්තු 24 වැනිදා එම නඩුවේ අවසන් තීන්දුව’ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Share This