ඖෂධ පරීක්‍ෂණාගාරයක් ඉල්ලා අගමැති මෝදිට සංදේශයක්

ඖෂධ පරීක්‍ෂණාගාරයක් ඉල්ලා අගමැති මෝදිට සංදේශයක්

(නිමල් දයාරත්න)
ශ්‍රී ලංකාව තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිගත තත්ත්වය යටතේ දියුණු වෛද්‍ය හා ඖෂධ පරීක්‍ෂන රසායනාගාර ජාලයක් ස්ථාපිත කිරීමට ඉන්දියානු රජයේ තාක්‍ෂනික හා මූල්‍ය ආධාර දායකත්වය ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සන්ධානයේ සබාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඉන්දියානු අග්‍රාමාතය නරේන්‍ද්‍ර මෝදි මහතා වෙත විශේෂ සංදේශයක් යොමු කරමින් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ජීවත්වීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ම පිළිගෙන ඇති ඉන්දියානු රජය මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිවිල් මහජනතාවගේ සෞඛ්‍ය ආරක්‍ෂාව වෙනුවෙන් ඉදිරියට පැමිණ ශක්තිමත් ඖෂධ සැපයුම් ජාලයක් සඳහා සහයෝගය ලබා දෙනු ඇතැයි ද එම සංදේශය මගින් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජාහා මහතාට ඉන්දියානු රජය වෙත ඉදිරිපත් කිරීම සඳහා පසුගියදා සංදේශය භාරදෙනු ලැබීය.
එරට සිට ශ්‍රී ලංකාවට ගෙන්වන ඖෂධ සම්බන්ධව මේ වන විට පැනනැඟී ඇති තත්ත්වයන් නිරාකරණය කොට ගුණාත්මක ඖෂධ ජාලයක් මෙරට ස්ථාපිත කිරීම සඳහා දියුණු තාක්‍ෂණික ලක්‍ෂණවලින් යුත් ඖෂධ නියාමන අධිකාරි රසායනාගාරයක් මෙරට පිහිටුවීමට ඉන්දීය රජයේ සෘජු ආධාර ලැබෙතැයි අපේක්‍ෂා කරන බව ද එහි සඳහන් කර ඇත.

Share This