ඕස්ටේ්‍රලියාවේ යොවුන් ක්‍රීකට් ක්‍රීඩකයෙක් පුහුණුවීම් අතර සිදු වූ අනතුරකින් මිය යයි

ඕස්ටේ්‍රලියාවේ යොවුන් ක්‍රීකට් ක්‍රීඩකයෙක් පුහුණුවීම් අතර සිදු වූ අනතුරකින් මිය යයි

(ඉෂාර ගයාෂාන්
ඕස්ටේ්‍රලියාවේ මෙල්බන්හි ගෘහස්ථ ක්‍රීඩාගාරයක ක්‍රිකට් පුහුණුවීම් කරමින් සිටි අවස්ථාවේ සිදු වූ අනතුරකින් 17 හැවිරිදි යොවුන් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ඔස්ටින් මිය ගොස් ඇත.
පසුගිය 28 වැනිදා ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කිරීමට පෙර පුහුණුවීම් සිදු කරන අතරතුර බෙන් ඔස්ටින්ගේ හිසේ සහ ගෙලේ පන්දුවක් වැදීමෙන් මෙම අනතුර සිදු විය. ඉන්පසු රෝහල්ගත කළේය. අසාධ්‍ය තත්ත්වයෙන් සිටි බෙන් ඔස්ටින් අද (30දා) මිය ගොස් ඇති බවට ඔහු ක්‍රීඩා කර ෆරන්ටි්‍ර ගලි ක්‍රිකට් සමාජයෙන් නිවේදනය කළේය.
මීට පෙරද ඕස්ටේ්‍රලියාවේ දේශිය තරගයකදී පන්දුව ගෙලේ වැදීමෙන් ඕස්ටේ්‍රලියාවේ ක්‍රිකට් ක්‍රීඩක පිලිප් හියුස් මිය ගියේය.

Share This