ඕනෑම හදිසි අවස්ථාවකට හමුදාව සූදානමෙන්

(ශිරාන් රණසිංහ)
අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇති විය හැකි ඕනෑම හදිසි අවස්ථාවකදී හමුදා කණ්ඩායම් සීරුවෙන් තබා ඇතැයි යුද හමුදාව කියයි.
ඒ අනුව දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි ඕනෑම ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා හමුදා කණ්ඩායම් සූදානම් කොට ඇත.
මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි පතිත වන අතර ගංවතුර හා නායයාම් ඇතිවීමේ අවදානමක් ඇතැයි ද කාලගුණ දෙපාර්තුමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුර අඟවා ඇත.