ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩක කවාජා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩක කවාජා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

(ඉෂාර ගයාෂාන්)
ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩක උස්මන් කවාජා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුගැනීමට තීරණය කළ බවට නිවේදනය කළේය.
පාකිස්තානයේ උපන් උස්මන් කවාජා ඔස්ට්‍රේලියාවේ ක්‍රීකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර පළමු මුස්ලිම් ජාතිකයා වේ.
කවාජා මෙම සමුගැනීම අනිද්දා (04) ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අළුබදුන ක්‍රිකට් තරගාවලියේ සිඩ්නිහි පැවැත්වෙන පස් වන ටෙස්ට් තරගයෙන් පසු මෙම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුගැනීමට තීරණය කර ඇත.
2011දී සිඩ්නිහිදී එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගයකින් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගත් කාවාජ ක්‍රීඩා කරන අවසන් ජාත්‍යන්තර තරගයත් එංගලන්තයට එරෙහිව සිඩ්නිහිදී පැවැත්වීම විශේෂත්වයකි.
39 හැවිරිදි කාවාජා මේ වන විට ටෙස්ට් තරග 87කදී ලකුණු 6206ක් ද, එක්දින තරග 40කදී ලකුණු 1554ක් ද, විස්සයි-20 තරග 9කදී ලකුණු 241ක් ලබා ගැනීමට සමත් වී ඇත.

Share This