ඔස්ට්‍රෙලියාවේ ප්රාන්ත තුනකට ශ්රී ලංකාවෙන් නව පත්කිරීම්
බටහිර ඔස්ට්රෙලියාවේ, ක්වීන්ස්ලන්ත හා දකුණු ඔස්ට්රෙලියාවේ Honorary Consul තනතුරු සඳහා නව පත්කිරීම් විදේශ අමාත්යාංශය විසින් සිදුකොට ඇත. ඔස්ට්රෙලියාවේ ශ්රී ලාංකීයන්ගේ සේවාවන් සක්රීයව හා ඵලදායීව සපුරාලීමටත්, විදේශ තානාපති කටයුතු ප්රාන්ත මට්ටමින් වඩා කාර්යක්ෂම සිදුකිරීමත් මෙහි ප්රධාන අරමුණු වෙයි. ඒ අනුව බටහිර ඔස්ට්රෙලියාවේ ප්රාන්තයේ නව කොන්සල්වරයා ලෙස චිරන්ත වීරවර්ධන මහතාත්, ක්වීන්ස්ලන්ත ප්රාන්තයේ නව කොන්සල්වරයා ලෙස නලින් පෙරේරා මහතාත්, දකුණු ඔස්ට්රෙලියාවේ ප්රාන්තයේ නව කොන්සල්වරයා ලෙස දිමුතු සමරනායක මහතාත්, ඔස්ට්රෙලියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර මහත්මිය අතින් පත්වීම් ලිපි ලබා ගැනීම පසුගියදා සිදුව තිබේ.
