ඒකාබද්ධ ධාවනයෙන් හැටන් ඩිපෝවේ ආදායම බැහැලා

ඒකාබද්ධ ධාවනයෙන් හැටන් ඩිපෝවේ ආදායම බැහැලා

(හැටන් – රංජිත් රාජපක්ෂ)
ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධව ධාවනය කිරීමට නිකුත් කර ඇති කාලසටහන උල්ලංඝනය කරමින් මධ්‍යම පළාත් නුවරඑළිය මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන බල ප්‍රදේශවල වේලා සටහන්කරුවන් පෞද්ගලික බස් රථ ධාවනනය කිරීම නිසා හැටන් ලංගම ඩිපෝවට දිනකට 15%ක ආදායම් තත්ත්වයක් අහිමි වී ඇති බව එම ඩිපෝවේ කළමණකාරු විසින් මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.
හැටන් සහ නුවරඑළිය පෞද්ගලික බස් නැවතුම්පොළවල්වලින් නියමිත වේලාවට පෞද්ගලික බස් රථ ධාවනයට එක් කළද එම බස් රථ සිය ගමනාන්තය වෙත නියමිත වේලාවට ධාවනය නොකිරීම නිසා ඊට පිටුපසින් ලංගම බස් රථය ධාවනය කිරීම හමුවේ මෙම ආදායම් තත්ත්වය පහළ බැස ඇති බවයි එම ලිපියේ සඳහන් කර ඇත්තේ.
තවද හැටන් සහ පෞද්ගලික බස් රථ වේලා සටහන්කරුවන්ට පෞද්ගලික බස් රථවලින් සන්තෝසමක් ලැබෙන නිසා ලංගම සහ පෞද්ගලික ඒකාබද්ධ ධාවන කාලසටහන ඔවුන් විසින් ක්‍රියාත්මක නොකරන බවයි හැටන් ලංගම ඩිපෝවේ උසස් නිලධාරියකු කියා සිටියේ.
අප මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ උසස් නිලධාරියකුගෙන් අප කළ විමසුමකට ඔහු කියා සිටියේ මෙම ගැටලුව සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම හැටන් නගරයේදී කැඳවා (14) දින සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු කර ඇති බවයි.

Share This