එ.ජා සැසියට ගිය ට්‍රම්ප්ට අකරතැබ්බයක්

ඇමෙරිකාවේ නිව්යෝක්හි පැවැත්වෙන එක්සත්ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගි වීමට ගිය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට හදිසි විදුලි බිඳවැටීමක් නිසා අකරතැබ්බ දෙකකට මුහුණ පාන්නට සිදු විය.
අදාළ සැසිය පැවැති ස්ථානයට යාමට පැමිණි ඇමෙරිකන් ජනාධිපතිවරයා පය තබනවාත් සමග විදුලි පඩිපෙළ (එස්කැලේටර්) අක්‍රිය විය. පසුව සැසිය අමතන්නට පටන් ගනිද්දිම ටෙලිපොම්ප්ටරය ක්‍රියාත්මක නොවිණි.
සැසිවාරය අමතමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මට ලැබුණු නරක කරුණු දෙක තමයි නරක එස්කැලේටරයක් සහ නරක ටෙලිපොම්පටයක් යැයි කියාය.
ජනාධිපති සහ ජනපති ආර්යාව මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙබ්ටා සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් කියා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යමෙකු හිතාමතාම මෙය සිදු කර ඇත්නම් ඔවුන් සේවයෙන් පහ කර වහාම විමර්ශනයක් සිදු කළ යුතු බවයි.