එරිත්‍රියාවේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික නාවිකයන් හය දෙනා මෙරටට

අසර්බයිජාන කපිතාන්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් සේවා සැපයූ යුරෝපීය නෞකාවක් එරිත්‍රියානු මුහුදු කලාපයට පිවිසීම හේතුවෙන් එම නෞකාවේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 06 දෙනෙක් 2024 නොවැම්බර් මස 07 වන දින සිට එරට බලධාරීන් විසින් රඳවාගනු ලැබුවා.
එම ශ්‍රී ලාංකිකයන් වසරක කාලයක් එරට තුළ රඳවා ගනු ලැබූ අතර ඔවුන් නිදහස් කර ගැනීම සඳහා ඉහළ පෙළේ මැදිහත් වීම් කිහිපයක් සිදු කිරීමට සිදු විය. මේ සඳහා කයිරෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කළේය.
ශ්‍රී ලංකා ආරක්ෂක අංශයේ ද සේවය කර තිබෙන මෙම ශ්‍රී ලාංකිකයන් නිදහස් කර ගැනීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා ඍජුව මැදහත් වී අවශ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම් ලබා දුන්නෙය
