එජාප-සජබ දීගයට ආණ්ඩුව බියෙන්

-විනීතා එම්. ගමගේ-
එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඉදිරියට යාම පිළිබඳ සාකච්ඡා කොට ඒ සම්බන්ධව ගතයුතු ක්‍රියාමර්ග තීරණය කිරීම සඳහා සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුව මගින් පත්කළ කමිටුමේ තීන්දුව හෙට (20දා) සජබ කළමනාකරණ කමිටුවට භාරදෙනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මන්ත්‍රිවරයා කියයි.
එජාපය සමග එක්ව වැඩකිරීමේ තීරණයක් දැනටමත් ගෙන ඇතත්, ඒ ගැන තවදුරටත් සාකච්ඡා කොට තීරණයකට පැමිණීම සඳහා කබීර් හෂීම් මන්ත්‍රිවරයාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කළ බව ද ඔහු කීවේය.
එම කමිටුව මේ වන විටත් තීන්දුවකට පැමිණ ඇතැයි ද එය කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඒකමතිකව අනුමත කොට ඇතැයි ද කී ඔහු ඒ අනුව ලබන සඳූදා එම කමිටු වාර්තාව කළමනාකරණ කමිටුව වෙත භාර දෙන බව ද සඳහන් කළේය.
ඒ අනුව කළමනාකරණ කමිටුව ඒ ගැන සළකා බලා එය එක්සත් ජාතික පක්ෂයට භාරදෙනු ඇතැයි කී මන්ත්‍රිවරයා මෙසේ එජාපය හා සජබය එක්වීම ගැන ආණ්ඩු පක්ෂය බොහෝ සේ තැතිගෙන ඇතැයි ද කියා සිටියේය.
ඔහු මේ බව සඳහන් කළේ ‘මොනරා’ පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.