එජාප – සජබ එක් කරන සැලැස්මට සජිත්ට දෙයි

ප්‍රේමකුමාර සිංහආරච්චි
එජාප – සජබ සමග එකට දේශපාලන කටයුතු කිරීමට අදාළ රාමුව ඇතුළත් සැලැස්ම කළමනාකරණ කමිටුවේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රි කබිර් හෂීම් මහතා විසින් අද (22දා) සවස සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා භාර දී ඇත.
විපක්ෂනායක කාර්යාලයේදී මෙය භාරදී තිබේ.
එජාප – සජබ එකට එක්ව කටයුතු කරන ආකාරයට අදාළ රාමුවක් සකසා එය වාර්තාව ලබා දෙන ලෙසට සමගි ජන බලවේගය කළ ඉල්ලීමට අනුව මෙම රාමුව සකසා ඇත.
ඒ අනුව අදාළ සැලැස්ම සැකසීම සඳහා කබිර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න, එස්.එම්. මරික්කාර් හා මුජිබර් රහුමන් ඇතුළත් කමිටුවක් පත් කරනු ලැබීය.
එජාප – සජබ යන දේශපාලන පක්ෂ දෙක එකට වැඩ කිරීම, එක ප්‍රතිපත්තියක් හා එකට මැතිවරණවලට තරග කිරීමේ අරමුණින් මෙම වාර්තාව සකස් කොට ඇත.