එක්සත් රාජධානියේ නි අගමැති ජනපති අනුර හමුවී කිව්ව කතාව…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙරට සංචාරයක නිරත එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය David Lammy මහතා සමඟ හමුවකට ජනාධිපති කාර්යාලයේදි අද (17) පෙරවරුවේ එක්විය.මෙවන් අවස්ථාවක ශ්‍රී ලංකාවේ සංචාරයකට එක් වීම පිළිබඳ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා වෙත ස්තූතිය පළ කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේදී සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී මෙන්ම ශ්‍රී ලංකාවේ ඇගළුම් සඳහා පනවා තිබු තීරුබදු ඉවත් කරමින් එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට ලබා දුන් සුවිශේෂී සහාය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘතවේදීත්වය පළ කිරීමටද කටයුතු කළේය.
ශ්‍රී ලංකාව මේ වන විට ලබා ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳ මෙහිදී සතුට පළ කළ එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විශේෂයෙන් බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ඇතුළු නව ආර්ථික සැලසුම් ඇගයීමට ලක් කරමින් හරිත බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනයක් වෙනුවෙන් රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට එක්සත් රාජධානියේ සහාය ලබා දීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
දිට්වා සුළි කුණාටුව හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ වේදනාකාරී අත්දැකීම පිළිබඳවද මෙහිදී කණගාටුව පළ කළ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අභියෝගය හමුවේ ශ්‍රී ලංකාව කඩිනමින් යළි ප්‍රකෘතිමත් වනු ඇති බවට විශ්වාසය පළ කළේය.
