එක්සත් ජනපද – චීන සිරකරුවන් හුවමාරුවේදී අමෙරිකානුවන් තිදෙනෙකුට නිදහස: වසර ගණනාවකට පසු
බයිඩ්න් පරිපාලනය යටතේ සිදුකළ සිරකරුවන් හුවමාරු කර ගැනීමේ සාකච්ඡාවලින් පසු, චීනයේ රඳවා සිටි අමෙරිකානුවන් තිදෙනෙකු නිදහස් කර තිබෙනවා.
ජාතික ආරක්ෂක කවුන්සිලයේ (NSC) ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, Mark Swidan, Kai Li සහ John Leung නැවත එක්සත් ජනපදය බලා යන බවයි.
ඒ අනුව, වසර ගණනාවකට පසු ඔවුන් නැවත සිය පවුල් සමඟ එක්වනු ඇති.
විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව, මෙම හුවමාරුව සඳහා මාස කිහිපයක් ගත වූ බව සඳහන්.
ඊට, එක්සත් ජනපද අත්අඩංගුවේ සිටින එක් චීන පුරවැසියෙකු නිදහස් කිරීම ද ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.
මෙම හුවමාරුව සම්බන්ධයෙන් ජනාධිපති බයිඩ්න් පේරු හි Apec සමුළුව අතරතුරදී ජනාධිපති ෂී ජින්පින් සමඟ සාකච්ඡා කර තිබෙනවා.
මෙලෙස නිදහස ලද 48 හැවිරිදි ස්විදාන් නැමැත්තා අත්අඩංගුවට පත්ව ඇත්තේ, 2012 වසරේදී යි.
ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරදකරු වීමෙන් මරණ දඬුවමට ලක්ව සිටි අයෙකි.
කෙසේ නමුත් ස්විදාන් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔහුව වැරදි ලෙස රඳවාගෙන සිටින අයකු ලෙස වර්ගීකරණය කරන ලද බව සඳහන්.
එමෙන්ම 60 හැවිරිදි මාර්ක් ලී, 2016 සැප්තැම්බර් මාසයේ සිට චීනයේ රඳවාගෙන සිට ඇත්තේ ඔත්තු බැලීමේ චෝදනා මතයි.
78 හැවිරිදි ජෝන් ලියුං හට එල්ලව ඇති චෝදනාව වන්නේ, එක්සත් ජනපදයේ බීජිං ගැති කණ්ඩායම් කිහිපයකට නායකත්වය ලබාදීමයි.
ඔහු 2021 දී අත්අඩංගුවට ගෙන ඇති අතර වසර දෙකකට පසුව ඔත්තු බැලීමේ චෝදනාව මත ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇති බව සඳහන්.
මෙම ගනුදෙනුව බයිඩ්න් ජනාධිපති ධුරයේ පසුවන අවසන් මාස කිහිපය තුළ ලද රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් සනිටුහන් කරන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.