එකම පන්තියේ මිතුරෙකුගේ මරණය සම්බන්ධයෙන් චීන යෞවනයන් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
එකම පන්තියේ මිතුරෙකුගේ මරණය සම්බන්ධයෙන් යෞවනයන් දෙදෙනෙකුට චීන අධිකරණයකින් දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම මරණය සිදුව ඇත්තේ, මාර්තු මාසයේදී බව සඳහන්.
අදාළ යෞවනයන් දෙදෙනා ෂැන්ග් සහ ලී ලෙස හඳුන්වා ඇති අතර, ඔවුන් චීනයේ හෙබෙයි ප්‍රදේශයේ අය වන බවයි සඳහන් වන්නේ.
විදෙස් වාර්තාවන්ට අනුව මෙම යෞවනයන් දෙදෙනා, ඔවුන්ගේ ම පන්තියේ මිතුරෙකු වන වැන්ග් මරා දැමීමට සහ ඔහුගේ මුදල් ඔවුන් අතර බෙදා ගැනීමට කුමන්ත්‍රණය කර ඇත්තේ වයස අවුරුදු 13දී යි.
ඔවුන් දෙදෙනා වැන්ග්ව මරා දමා ඇත්තේ, සවලකින් පහර දීමෙන් බව සඳහන්.
අනතුරුව ඔහුව අතහැර දැමූ එළවළු හරිතාගාරයක වළලා දමා තිබෙනවා.
ඒ අනුව මෙම අපරාධයට වරදකරුවන් වූ ෂැන්ග්, ලී දෙදෙනාට පිළිවෙලින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් සහ වසර 12 ක සිරදඬුවම් නියම කර ඇති බව සඳහන්.
විදෙස් වාර්තාවන්ට අනුව, මෙම තීන්දුව දැඩි මහජන කෝපයක් ද ඇති කර තිබෙනවා.
මරණය සම්බන්ධයෙන්, වැන්ග්ගේ පවුලේ අය සහ නීතිඥයින් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ ඔහු දිගු කලක් පාසැලේදී හිරිහැරවලට බඳුන්ව සිටි බවයි.