එකම තැන අවු. 5ට වැඩි රාජ්‍ය සේවකයන්ට ස්ථාන මාරු

එකම තැන අවු. 5ට වැඩි රාජ්‍ය සේවකයන්ට ස්ථාන මාරු

(දයාසිලි ලියනගේ)
ප්‍රියමනාප සේවා ස්ථානවල වසර 5කට අකධි කාලයත් සේවය කර ඇති සියලුම නිලධාරීන් ලබන වසරේ සිට අනිවාර්යයෙන්ම මාරු කරන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.
වෙනත් කිසියම් ස්ථානයක අවුරුදු 2ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති නිලධාරීන් ස්ථාන මාරුවීම් ලැබීමට සුදුසුකම් ලබන බවද ලේකම්වරයා සඳහන් කරයි.
විශේෂයෙන් ස්ථාන මාරු නියෝගයක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සලකා බැලීම සඳහා මාරුවීම් ප්‍රතිපත්තියට අනුකූල නොවන පරිදි කරන ලද මාරුවීම්, නිලධාරීන්ගේ ඉල්ලීම්වලට පටහැනි ලෙස කරන ලද මාරුවීම් හා ස්ථාන මාරුවීම් අයැදුම් කරන ලද දිනයෙන් පසුව නිලධරයන්ට සිදු වූ සානුකම්පිත තත්ත්වයක් පිළිබඳ පිළිගත හැකි නිර්දේශ ඉදිරියේ කර ඇත්නම් වැඩිදුරටත් පරික්ෂා කර තීරණ ගන්නා ලෙසටද දක්වා ඇත.
ලබන මස 4 වැඩි දිනට පෙර ස්ථානමාරු ඉල්ලුම්පත් කැඳවා අවසන් කරන ලෙසටද නියම කර ඇත.

Share This