උ/පෙළ සමස්ත ප්‍රතිඵලයෙන් සිසුවියෝ ඉදිරියෙන්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගයට පෙනී සිටි සිසුන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. එය විභාගයට පෙනී සිටි සමස්ත සිසුන්ගෙන් 62.64%ක ප්‍රතිශතයක් බවයි විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කරන්නේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා සිටින වැඩි පිරිසක් ගැහැනු දරුවන් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කරන අතරම ජීව විද්‍යා අංශයෙන් පමණක් පිරිමි දරුවන් වැඩි ප්‍රතිශතයක් විශ්වවිද්‍යාල වරම් ලබා ඇතැයි ද විභාග කොමසාරිස්වරිය වැඩිදුරටත් පවසනවා.

Share This