උසාවියට අපහාස වන ලෙස හැසිරුනු දේශපාලකයන් ගැන පරීක්ෂණ

(දයාසිලි ලියනගේ)
අධිකරණයේ ස්වාධීනත්වයට හා ගරුත්වයට හානි වන ආකාරයට කොටුව අධිකරණය අසල රැස්වීමක් අධිකරණ තීන්දුව විවේචනයට ලක්කිරීමත් පිළිබඳව ප්‍රදාන දේශපාලනඥයන් හා ප්‍රාදේශීය දේශපාලනඥයන් 20කට ආසන්න පිරිසක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම ප්‍රාදේශීය දේශපාලනඥයන් බහුතරය කොළඹ හා ඒ අවට දේශපාලනඥයන් වන අතර ප්‍රධාන දේශපාලනඥයන්, විපක්ෂයේ දේශපාලන පක්ෂවලට සම්බන්ධ අය බවද වාර්තාවේ.
අධිකරණ භූමියක් ආසන්නයේ වාහනයක නලාවක් හඬ ගැන්වීමක් නොකරන තත්ත්වයක් යටතේ රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත් දිනයේ ජනතාව බව රැස්වී කෑකෝ ගසමින් ප්‍රචණ්ඩාකාරී ලෙස හැසිරෙමින් දේශපාලනඥයන් අධිකරණ තීන්දුව විවේචනය කිරීම පිළිබඳවද විමර්ශන ආරම්භ කර ඇත.
මෙම පිරිස් පිළිබඳව වීඩියෝ දර්ශන එක්රැස් කරන බවද පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
අකධිරණයට අපහාස වන ආකාරයට හැසිරුණ මේ පිරිස පිළිබඳ තොරතුරු රැස්කර වහාම අධිකරණයට ඉදිරිපත් කරන බවද ඔහු කීය