උෂ්ණ­ත්වය ගැන වැඩි අව­ධා­නයක් යොමු කරන්න -කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව

බස්නා­හිර, සබ­ර­ග­මුව, දකුණ, වයඹ පළා­ත්වල සහ අනු­රා­ධ­පුර, මන්නා­රම, වවු­නි­යාව, මොන­රා­ගල දිස්ත්‍රි­ක්ක­ව­ලත් ඇතැම් ප්‍රදේ­ශ­ව­ලට අද (26) දිනයේ මිනිස් සිරු­රට දැනෙන දැඩි උෂ්ණ­ත්වයට අව­ධා­නය යොමු කරන මෙන් කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව අව­වා­දා­ත්මක නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳ­හන් කරනවා.

මේ තත්ත්වය පිළි­බ­ඳව අව­ධා­නය යොමු කර­මින් අදාළ සෞඛ්‍ය උප­දෙස් පිළි­ප­දින ලෙස කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටිනවා.

ඊයේ (25) දින දිව­යිනේ උප­රිම උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 38.7ක් ලෙස රත්න­පුර කාල­ගුණ මධ්‍ය­ස්ථා­න­යෙන් වාර්තා විය. බස්නා­හිර හා සබ­ර­ග­මුව පළා­ත්ව­ලත් ගාල්ල හා මාතර දිස්ත්‍රි­ක්ක­ව­ලත් අද (26) දිනයේ පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගු­රුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේ­ශ­වල ප්‍රධාන වශ­යෙන් වියළි කාල­ගු­ණික තත්ත්ව­යක්  පවතින බව කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව වැඩි දුරටත් පවසනවා.

Share This