උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා කිරීමේ සිද්ධීන් ඉහළට

උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා කිරීමේ සිද්ධීන් ඉහළට

උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා කිරීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

පාරිභෝගිකයින් වෙත දුරකතන ඇමතුම් ලබාදෙමින් යම් යම් ත්‍යාග දිනා ඇති බව පවසමින් මුදල් වංචා කිරීම් සම්බන්ධව මේ වන විට පැමිණිලි ලැබී ඇති බවයි එම සංසදය අනාවරණ කර සිටියේ.

එමෙන්ම AI තාක්ෂණය භාවිත කරමින් සිදුවන යම් යම් අක්‍රමිකතා සම්බන්ධවද මේ වන විට පැමිණිලි වාර්තා වී ඇති බවද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළා.

මෙවැනි ඇමතුම් සහ සිදුවීම්වලින් ආරක්ෂා වීම සඳහා මහජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි එම සංසදය පෙන්වා දුන්නේ.

Share This