උත්සව සමයේ වගකීම් සහිතව රිය පදවන්න – ප්‍රවාහන ඇමති ජනතාවගෙන් ඉල්ලයි
තමන්ගේ සහ අනෙක් අයගේ ජීවිත ආරක්ෂා කිරීම උදෙසා උත්සව සමයේ වගකීම් සහිතව රිය ධාවනය කිරීමට කටයුතු කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මාර්ග නීති පිළිපදිමින් සහ බීමත්ව රිය ධාවනයෙන් වැළකී සිටීම මගින් අනතුරු අවම කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.
අලුත් අවුරුදු උත්සව සමයේ බීමත්ව රිය ධාවනය කිරීම සහ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් සිදුවන මාර්ග අනතුරු හා මරණ සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව ප්‍රවාහන අමාත්‍යවරයා විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි සදහන් වෙනවා.
තවද වේග සීමා උල්ලංඝනය කිරීම සහ මාර්ග නීති නොසලකා හැරීම අනතුරු සඳහා ප්‍රධාන
හේතු ලෙසයි මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.
මේ පිළිබඳව ජනතාවට දැනුම්දීම සඳහා සහ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පොලීසිය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දීමටත් තීරණය කර තිබෙනවා. එමගින් හදිසි අනතුරු පිළිබඳ වාර්තා කිරීමටත්, මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් සහ අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධ වීඩියෝ සාක්ෂි යොමු කිරීමටත් ජනතාවට අවස්ථාව හිමිවන බවයි වැඩිදුරටත් සඳහන් කළේ.
