උත්සව සමයේත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ මෙහෙයුම් දිගටම

උත්සව සමයත් සමඟ වෙළෙඳපොළ තුළ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ක්‍රියාත්මක කර ඇති විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහන අප්‍රේල් 30 වනදා දක්වා දිගු කර තිබේ.

මෙම මෙහෙයුම් මඟින් මිල ප්‍රදර්ශනය නොකිරීම, අධික මිලට භාණ්ඩ අලෙවි කිරීම, වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයින්ට අපහසුතා ඇති කිරීම සහ අසාධාරණ වෙළෙඳ ක්‍රියාකාරකම් වැළැක්වීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් නිලධාරීන් විසින් නිරීක්ෂණ කටයුතු සිදු කරයි.

ඒ සම්බන්ධයෙන් ඇතිවන පැමිණිලි 1977 දුරකතන අංකය ඔස්සේ පාරිභෝගිකයින්ට ඉදිරිපත් කළ හැකි බවද අධිකාරිය දැනුම් දෙයි.

Share This