උත්සව සමයට ආහාර ඇණ­වුම් කර අව­සන් – තොග රැස් කරන්න එපා -ආන­ය­න­ක­රු­වන්ගේ සංග­මයේ මාධ්‍ය ප්‍රකා­ශක කියයි

උත්සව සම­යට අත්‍ය­වශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇණ­වුම් කර තිබෙන බැවින් එම ඇණ­වු­ම්වල යම්කිකිසි ප්‍රමා­ද­යක් සිදු­වු­ව­හොත් හැරෙ­න්නට ආහාර හිඟ­යක් ඇති නොවන බව අත්‍ය­වශ්‍ය ආහාර ද්‍රව්‍ය ආන­ය­න­ක­රු­වන්ගේ සංග­මයේ මාධ්‍ය ප්‍රකා­ශක නිහාල් සෙන­වි­රත්න මහතා පව­සයි. මේ අනුව භාණ්ඩ හිඟ­යක් ඇති වෙතැයි බියෙන් වෙළෙ­ඳ­සල් හිමි­යන් සහ තොග වෙළෙ­ඳුන් අන­වශ්‍ය ලෙස තොග රැස්කි­රීමේ අව­ශ්‍ය­තා­වක් නැතැ­යිද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

එම නිසා අත්‍ය­වශ්‍ය භාණ්ඩ තොග රැස්කර තබා ගැනීමේ අව­ශ්‍ය­තා­වක් නොමැති බව විශේ­ෂ­යෙන් කොළ­ඹින් පිට සිටින තොග වෙළෙ­ඳුන්ට දැනුම් දෙන බවත් ඒ මහතා කීවේය. මැද­පෙ­ර­දිග පව­තින යුද­මය පසුබිමේ බල­පෑ­මෙන් නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු­වල ඉහළ යෑමක් සිදුව ඇති හෙයින් අත්‍ය­වශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණ­න්වල සුළු වැඩි වීමක් සිදු වනු ඇතැයි ද ඒ මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

Share This