උඩරට මාර්ගයේ පිලී පැනීම නිසා දුම්රිය ගමන්වාර 07ක් අවලංගුයි

ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කන්දක් කඩා වැටී සිදු වූ පිලී පැනීම හේතුවෙන් අද (20දා) උදෑසන දුම්රිය ගමන් වාර 07ක් අවලංගු කිරීමට කටයුතු කරන ලදී.
කඩිගමුව හා බලන අතර දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටී තිබීම හේතුවෙන් එම ස්ථානය වෙත ළගා වීම දුෂ්කරව ඇත.
මේ හේතුවෙන් අද (20දා) සවස හා රාත්රී දුම්රියයන් අවලංගු කිරීමට සිදු විය.