ඊශ්‍රායල් රැකියා වංචාවට හවුල් කත රිමාන්ඩ්

ඊශ්‍රායල් රැකියා වංචාවට හවුල් කත රිමාන්ඩ්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කරමින් සිට සේවයෙන් ඉවත්කර ඇති රියදුරුකු විසින් ඊශ්‍රායලයේ රැකියා ලබා දෙන බව පවසා සිදුකළ මහාපරිමාණ වංචාවට සම්බන්ධ අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී පසුගියදා අත්අඩංගුවට පත්වු කාන්තාව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේසත්‍රාත්වරයා නියෝග කලේය.
වංචාකරන ලද මුදල් බැර කළ බැංකු ගිණුම් හිමි කාන්තාව කාර්යාංශයේ විමර්ශන පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ ප්‍රශ්න කිරීම්වලදී එම කාන්තාව අදාළ රියදුරු සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය විය. අදාල රියදුරු මේ වන විට විමර්ශන නිලධාරීන් මඟ හරිමින් සැඟවී සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් පුලුල් විමර්ශන මෙහෙයවයි. මෙයට සම්බන්ධ තවත් සැකකරුවන්ගේ ද තොරතුරු අනාවරණය වෙමින් තිබේ.
විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට අනුයුක්තව විශේෂ පොලිස් ඒකකයක් පසුගියදා පිහිටුවන ලද අතර මේ වන විට එම ඒකකයට පැමිණිලි අඛණ්ඩව ලැබෙමින් පවතින බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. අදාල පැමිණිලි සම්බන්ධව එම ඒකකය විමර්ශන මෙහෙයුම් දියත් කරමින් සිටි.

Share This