ඊශ්‍රායලයේ සිටින කඩවත කතකට තුවාල
උතුරු ඊශ්‍රායලයට අද (02) එල්ල වූ ප්‍රහාරයක් අතර තුර කඩවත ප්‍රදේශයේ 43 හැවිරිදි ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් සුළු තුවාල ලබා ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
රෝහල් ගත කරන ලද කාන්තාවගේ තත්ත්වය බරපතළ නොවන බැවින් වෛද්‍යවරු විසින් නැවත ඇය පදිංචි ස්ථානය වෙත යොමු කළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
කාන්තාව සිටින නිවසට ප්‍රහාරවලින් හානි සිදුව ඇති බැවින් ඇය වෙනත් ස්ථානයකට පදිංචියට ගිය බවද තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඊශ්‍රායල රජය විසින් ප්‍රකාශයට පත් කළ හදිසි තත්ත්වය තවත් දින දෙකක් දක්වා දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර ඇති බවත් ඒ් මහතා සදහන් කළේය.
