ඊයේ දිනයේදී පමණක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 887ක් අත්අඩංගුවට
දිවයින පුරා මත්ද්‍රවය ජාවාරම් මැඩපැවැත්වීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ 17 දිනයේ දී පමණක් සැකකරුවන් 887දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. එම මෙහෙයුම් වලට අදාළව සැකකරුවන් 05 දෙනෙක්ගේ නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් ද විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.
