ඊජිප්තුවේ රතු මුහුදේ වෙරළට ඔබ්බෙන් වූ සංචාරක බෝට්ටුවක් ගිලී යයි: දිවි ගලවා ගත් 16 දෙනෙකු බේරා ගැනේ

ඊජිප්තුවේ රතු මුහුදේ වෙරළට ඔබ්බෙන් වූ සංචාරක බෝට්ටුවක් ගිලී යයි: දිවි ගලවා ගත් 16 දෙනෙකු බේරා ගැනේ

රතු මුහුදේ වෙරළට ඔබ්බෙන් වූ සංචාරක බෝට්ටුවක් ගිලී ගොස් තිබෙනවා.

එහි සිටි 16 දෙනෙකු බේරා ගත් බවයි ඊජිප්තු බලධාරීන් පවසන්නේ.

ඉතිරි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතින බව සඳහන්.

සී ස්ටෝරි නැමති මෙම සංචාරක බෝට්ටුවේ විවිධ ජාතීන්ට අයත් සංචාරකයින් 31 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 14 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 45 දෙනෙකු යාත්‍රා කර තිබෙනවා.

මෙය බහුදින කිමිදුම් චාරිකාවක් සඳහා පිටත්ව ගොස් ඇති නමුත් වෙරළබඩ නගරයක් වන මාර්සා අලාම් අසලදී මුහුදේ ගිලී ගොස් ඇති බව ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා පවසනවා.

දිවි ගලවා ගත් කිහිප දෙනෙකු හෙලිකොප්ටරයකින් බේරාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති තර ඊජිප්තු නාවික හමුදාව සහ හමුදාව සමඟ සම්බන්ධීකරණයෙන් තවත් දිවි ගලවා ගත් අය සොයා ගැනීමේ උත්සාහයන් සිදු වෙමින් පවතින බව සඳහන්.

Share This