ඉහළටම යන පොල් මිල
බද්දේගම නගරයේ වෙළෙඳසැල්වල පොල් ගෙඩියක් රු. 180-200 ත් අතර මිලකට අළෙවි වන බව වෙළ්සෙැල් හිමියෝ පවසනවා.
කුඩා ප්රමාණයේ පොල් ගෙඩියක් රු. 160ක පමණ මිලකට අළෙවි වනවා.
ප්රමාණවත් පරිදි පොල් තොග වෙළෙඳපොළට නොලැබීම පොල් මිල ඉහළ යෑමට හේතුවී ඇති බව වෙළෙඳසැල් හිමියන් පවසනවා
කෙසේ නමුත් ඇතැම් නාගරික ප්රදේශවල පොල් බෑයක් රු. 100ත් 120ත් අතර මිලකට අළෙවි වන බවද ජනතාව සඳහන් කළා.
පොල් අස්වැන්න අඩුවීම, දඬුලේනුන්, රිලව් සහ වඳුරන් විසින් පොල් අස්වැන්න විනාස කිරීම හේතුවෙන් පොල් අර්බුදය උග්රවී තිබෙනවා.
වන සතුන්ගෙන් වන වගා හානි පාලනය කිරීමට රජයේ බලධාරීන් නිසි පරිදි සාධනීය වැඩපිළිවෙලක් සකසා තිබුණේ නම් මෙවැනි ආකාරයේ පොල් අර්බුදයක් ඇති නොවන බවද ජනතාව සඳහන් කරනවා.