ඉරාන යුද්ධයෙන් යුරෝපයේ ගෑස් මිල අහස උසට
ඉරානය විසින් එහි ප්‍රධාන ගෑස් සැකසුම් මධ්‍යස්ථාන දෙකක පහසුකම්වලට එල්ල කරන ලද ප්‍රහාරවලින් පසුව, රාජ්‍ය බලශක්ති සමාගමක් වන කටාර් එනර්ජි ද්‍රව ස්වාභාවික ගෑස් නිෂ්පාදනය නතර කිරීමෙන් පසු ඊ යුරෝපීය ගෑස් මිල ඉහළ යාමක් පෙන්නුම් කළේය.
යුරෝපීය මිණුම් ලකුණ ලෙස සැලකෙන Dutch TTF ස්වාභාවික ගෑස් කොන්ත්‍රාත්තුව, යුරෝ 46 කට වඩා වැඩි වී සියයට 45 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගියේය.
ඉරාන යුද්ධය ගල්ෆ් කලාපයේ සැපයුම් කපා හරිනු ඇතැයි යන බිය නිසා ගෑස් මිල මීට පෙර සියයට 20 කට වඩා වැඩි විය.
බ්‍රිතාන්‍ය ‘Trading Economics’ ආයතනයට අනුව, මෙම තත්ත්වය හමුවේ එක්සත් රාජධානිය දැඩි අවදානමකට ලක්ව ඇත.
ඒ සඳහා ප්‍රධාන හේතු කිහිපයක් බලපා ඇති බව ඔවුන් පෙන්වා දී ඇත,
වායු ගබඩා කර තබා ගැනීමේ ධාරිතාව සීමිත වීම.
ආනයන මත අධික ලෙස යැපීමට සිදුවීම.
පෙබරවාරි අවසානය වන විට එරට දේශීය තොග පවතින මට්ටම 30% කටත් වඩා අඩු මට්ටමක පැවතීම.
මෙම මිල ඉහළ යාම ඉදිරි මාසවලදී යුරෝපයේ සහ බ්‍රිතාන්‍යයේ බලශක්ති පිරිවැය ඉහළ යාමට සෘජුවම බලපානු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවා ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
