ඉරාන යුද්ධයට විරෝධය පා ඇමෙරිකානු ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි
ඇමෙරිකානු ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෝසප් කෙන්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියේ වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
45 හැවිරිදි කෙන්ට් එක්සත් ජනපද විශේෂ බලකායේ සහ CIA හි ප්‍රවීණයෙකි. ඔහුගේ බිරිඳ ෂැනන් කෙන්ට්, හමුදා සාමාජිකාවක් වන අතර, 2019 දී සිරියාවේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මිය ගොස් ඇත.
කෙන්ට්ගේ චෝදනා:
-
ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේදී නිමක් නැති යුද්ධවලින් ඇමෙරිකාව ඈත් කර තබා ගැනීමට ඔහු දැක්වූ දැක්ම අගය කරන බව කෙන්ට් පවසයි.
-
කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය ආරම්භයේදීම, උසස් ඊශ්‍රායල නිලධාරීන් සහ ඇමෙරිකානු මාධ්‍යයේ බලගතු පුද්ගලයින් එක්ව සූක්ෂම ලෙස වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමේ ව්‍යාපාරයක් දියත් කළ බවට ඔහු චෝදනා කරයි.
-
මෙම කුමන්ත්‍රණය හරහා ට්‍රම්ප්ගේ මූලික ප්‍රතිපත්තිය යටපත් කර, ඉරානය සමඟ යුද්ධයකට අවශ්‍ය පරිසරයක් සකස් කළ බව ඔහු පෙන්වා දෙයි.
-
ඉරානයෙන් ඇමෙරිකාවට ක්ෂණික තර්ජනයක් පවතින බවටත්, ක්ෂණික ප්‍රහාරයකින් ඉක්මන් ජයග්‍රහණයක් ලබා ගත හැකි බවටත් ට්‍රම්ප්ව මුළා කර ඇති බව කෙන්ට් සිය ලිපියේ සඳහන් කර ඇත.
-
මෙය අතීතයේදී ඉරාක යුද්ධයට ඇමෙරිකාව පටලවා ගැනීම සඳහා ඊශ්‍රායලය භාවිතා කළ උපක්‍රමයම බව ඔහු අවධාරණය කර තිබේ.
